25 C
Colombo
Tuesday, March 21, 2023

(Sinhala) නලින් බණ්ඩාරට නගන චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

[:si]හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ කුලියාපිටිය නිවසේ අනවසරෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට විද්‍යුත් මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි මඟින් අනාවරණය කර තිබුණ තොරතුරු සම්බන්ධව Live 24 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ  මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නිවසේ නොමැති බවත්, නිවස   බලා ගැනීමට  මුරකරුවෙකු යොදා ඇති බවත් එම මුරකරු සන්තකේ නීතිවිරෝධී මත්පැන් තිබී මුරකරු  කුලියාපිටිය පොලිසිය ඔහු අත්අඩංගුවට  ගෙන නඩු පවරා ඇති බව  ප්‍රකාශ කලා .තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කුලියාපිටිය පොලිසිය විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කැඳවීමක් කර ඇති බවත් ඔහුගෙන් යම් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය හෙයින් ස්ථානාධිපතිවරයා මෙලෙස කැඳවීම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශකර සිටියේද තමා නිවස බලා ගැනීමට මුරකරුවෙකුට යොදවා ඇති බවත්  මුරකරු  මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් ,මේ සම්බන්ධයෙන් හිටපු ාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට ප්‍රථම  පාසල් ගුරුවරයකු වූ බවත් ඉන්පසු ව්‍යාපාර කටයුතු කීපයක් කළ බවත් එම කාලසීමාව තුළ උපයාගත් මුදලින් මෙම නිවාස මිලදී ගෙන ඇති බවයි

සමඟි ජන බලවේගයට විරුද්ධව මත දරන වෙබ් සයිට්, ෆේස්බුක් මඟින් තමා නීතිවිරෝධී මත්පැන්ගාරයක් පවත්වාගෙන ගිය බවට හුවා දැක්වීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම මඩ වෙබ් අඩවි වලට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම බේ සයිට් තමා හඳුනාගෙන ඇති බවත් නඩු පැවරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව අදහස් දක්වමින් ප්‍රකාශ කළා.[:]

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img