පොහොර, පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා පොහොර නිෂ්පාදකයන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
ඒ යටතේ සහනදායි පොලී අනුපාතයකට උපරිම වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයකට යටත්ව සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර තුනක ආපසුගෙවීමේ කාලයකට යටත්ව ණය නිකුත් කරන බව මහජන බැංකුව පවසයි.

