Live24.lk

මහජන බැංකුව හඳුන්වා දුන් ‘‘සාරභූමි‘‘ ණය යෝජනා ක්‍රමය

පොහොර, පළිබෝධනාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව ‘‘සාරභූමි‘‘ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා පොහොර නිෂ්පාදකයන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

ඒ යටතේ සහනදායි පොලී අනුපාතයකට උපරිම වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයකට යටත්ව සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර තුනක ආපසුගෙවීමේ කාලයකට යටත්ව ණය නිකුත් කරන බව මහජන බැංකුව පවසයි.

Exit mobile version