වෙළේ සුදාව පිටතට ගෙන යාම තහනම්

483

මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙළේ සුදා නැමැත්තා ගේ මව ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර හා රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී අද (17) කැඳවීය.

පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වැනදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here