හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල facebook ගිණුම කිසියම් පිරිසක් විසින් hack කර ඇති බව සඳහන් වේ.
එම ගිණුම hack කර ස්ටෝරි සඳහා අසභ්‍ය දර්ශන ඔවුන් විසින් වරින්වර පළ කරමින් සිටින බව අප කළ විමසීමකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.
මේ වන විටත් යතා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂ පරිගණක දැනුමක් ඇති කණ්ඩායමක් විසින් උත්සහ දරමින් සිටින බව සඳහන් කළ ඇය මේ සම්බන්ධයෙන් තම facebook ගිණුම hack කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට සූදානමක් ඇති බව Live වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා.



