නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 149 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු එම කර්මාන්තශාලාව මේ වන විට වසාදමා තිබේ.
එම ආසදිතයින්ගේ ආශ්‍රිතයින් 300ක් පමණ නිරෝධායනයට ලක්කර තිබෙන බවද වාර්තා වෙයි.
කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
සිදුකරන ලද PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන්.
එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර ආසාදිතයින් අතර වැඩිදෙනෙක් දරුවන් සහ තරුණ වයසේ අය බව කියවෙයි.

