නගරික බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වියළි සලාක මලු 115,000 ක්.
ගරු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනාගේ සහ මහජනාධාර දෙපාර්තමේන්තුවේ සහන නිළධාරීන්ගේ නිර්දේශ මත කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී සහ මහජනාධාර ලබන දහතුන් දහසකට ආසන්න පවුල්වලට මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වු පවුල් සඳහා මහජනාධාර දෙපාර්තමේන්තුව මගින් වියළි සලාක මලු 115,000 ක් අද (09) දින සිට බෙදා දීමට කටයුතු යොදා ඇත.
