සියලු රටවල් එක්ව කටයුතු කරන්නේ නම් කොවිඩ් -19 වසංගතය මේ වසර අවසානය වන විට පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා
එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙනවා .
කොවිඩ් වසංගතය නිසා ලොව පුරා පුද්ගලයන් මිලියන 5.5කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් තිබෙන බව පෙන්වා දෙන එම සංවිධානය පුද්ගලයන් මිලියන 289ක් පමණ ආසාදිතයන් බවට පත්ව තිබෙන බවද සඳහන් කරනවා.
එවැනි තත්ත්වයක් තුළ 2022 නව වසර සැමරීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩනම් මහතා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් කොවිඩ්-19 පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රමවේද කිහිපයක්ම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව ද එම පුවත්පත තවදුරටත් සඳහන් කරනවා.

