පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත පෙරේරා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සිවිල් වැසියෙකුට පහරදීම යන චෝදනාවලට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතිනවා
