අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ අනුව පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
