ඉදිරි මාස කිහිපයේ මෙරට උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකියි – මහ බැංකු අධිපති

179

දැනට 50% ක් ව පවතින මෙරට උද්ධමය ඉදිරි මාස කිහිපය තුළ 70% දක්වා ඉහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසංහ පවසනවා.

මේ තුළින් පීඩාවට පත්වන මෙරට අඩු ආදායම් ලබන පවුල් රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද මේ තුළින් පීඩාවට පත්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව පවතින උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කරන බවයි බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසංහ වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here