Live24.lk

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ ප්‍රකාශයට බලශක්ති ඇමතිගෙන් ප්‍රතිචාර

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ජනතාව නොමග යවනසුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම ඉන්ධන මිල හා ප්‍රසම්පාදනය ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ චෝදනා ගැන තමන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙසද අමාත්‍යවරයා සිය Twitter පණිවිඩය මඟින් ඉල්ලා තිබෙනවා.

Exit mobile version