25 C
Colombo
Tuesday, March 21, 2023

සියලු උද්ඝෝෂණ සාමකාමී සහ නීතියට අනුව සිදුවිය යුතුයි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

පැවැත්වෙන සියලු උද්ඝෝෂණ සාමකාමී සහ නීතියට අනුව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, හැම පුද්ගලයෙකු සතු විසම්මුතියේ අයිතියට රජයේ පාර්ශවයන් ගරු කළ යුතු බවයි.

එසේම මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාව බලාපොරොත්තු වන අභිලාශයන් ඉටු කළ නොහැකි බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ජනතාව ඉල්ලන පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා වන අභිලාෂයන් 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉටු නොවන බවත් ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් කරන ලෙසයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img