25 C
Colombo
Tuesday, March 21, 2023

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පිටව යයි –

හමුදා ගුවන්යානයකින් මෙරටින් පිටවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මාලදිවයින වෙත ළඟාවී ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා.

ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව පවසයි. 

ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බවයි.

අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද BBC පුවත් සේවය වාර්තා කර තිබිණ.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img