ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත ගරු කිරීම අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
ජනාධිපති මන්දිරය, අරලිය මන්දිරය ඇතුලු ස්ථානවල සිදු වන විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බවත් අදාළ ගොඩනැගිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්,


