Live24.lk

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට නොවැම්බර් මස 16 කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට වැටුප් ගෙවන ලෙසට නියම කළ අධිකරණ නියෝගය කඩ කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් මස 16 වන දා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 23) නියෝගයක් නිකුත් කර තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ගේ නීතිඥවරුන් මෝසමකින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයි රාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින තම සේවාදායකයාට වැටුප් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 8 වන දා නියෝගයක් නිකුත් කළ ත් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක නොතිබුණු බවට අධිකරණයේදී කරුණු වාර්තා වී ඇත.

Exit mobile version