ඩොලර් මිලියන ගණනක යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. ඔස්ට්‍රේලියානු පොලිසිය රටවල් කිහිපයක් පුරා සිදුකළ විමර්ශනයකින් පසු පසුගිය මාසයේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
අවුරුදු 67 සහ 71 යන වයස්වල පසුවන මෙම පුද්ගලයින් දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක සේවය කර ඇත. ඔවුන් තවමත් එල්ලවී ඇති චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයන් 2009 සිට 2016 දක්වා කාලය තුළ රජයේ නිලධාරීන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 304,000 (එක්සත් ජනපද ඩොලර් 190,000) කට වඩා අල්ලස් ලබා දී ඇති බවයි.
ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් මෙම අල්ලස් ලබාදීම සිදුකර ඇත. එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව ආදී රටවල ක්‍රියත්මක, ඕස්ට්‍රේලියාව පදනම් වූ ඉංජිනේරු සමාගමක් වන SMEC International Pty Ltd පිළිබඳ විමර්ශනයකදී මෙම තොරතුරු අනවරණය වී ඇත.