ලක්ෂ 250 ක් වටිනා ජීප් රථයක්  මිලදීගත් තරුණයෙක් අත්අඩංගුවට

194

නීති විරෝධී ක්‍රම මගින් අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස  උපයාගත් මුදල් යොදවා රුපියල් ලක්ෂ 65 ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 250 ක් වටිනා ජීප් රථයක් මීලදී ගැනීමක් සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම පුද්ගලයාගේ පියා විසින් නීති විරෝධි ක්‍රම මගින් උපයා ගන්නා ලද මුදලින්, මෙම වාහන මිලදී ගෙන ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

ඒ අනුව 20 හැවිරිදි සැකකරු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ, වැරදී සිදුකිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here