ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.
ඒ රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙකක් මතය.
ඒ අනුව, එම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු සංඛ්‍යාව 10 කි.