25 C
Colombo
Saturday, February 4, 2023

රට පුරා කොල්ලකෑම් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33,34,50 සහ 53 හැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය, තලවාකැලේ, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් සිව්දෙනෙකි.

යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්හට ශ්‍රි ලංකා රුපියල්වලට ඩොලර් මාරුකර දෙන බව පවසමින් සහ විවිධ වාහනවල අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ සඳහා විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුව එම පුද්ගලයින් මුදල් රැගෙන පැමිණි පසු සැකකරුවන් විසින් එම මුදල් කොල්ලකා පළාගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ යාපනය, අනුරාධපුර, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, යන ප්‍රදේශවලදී සැකකරුවන් විසින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවය.

සැකකරුවන් විසින් යාපනය ප්‍රදේශයේදී ඩොලර් ලබාදෙනබව පවසා රුපියල් ලක්ෂ 25ක් සහ තවත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 18ක මුදලක් කොල්ලකා ඇති බවට ද අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකරුවන් ගාල්ල ප්‍රදේශයේදී ද පුද්ගලයෙකුට ඩොලර් ලබාදෙන බව පවසා රුපියල් දස ලක්ෂ අසූ දහසක මුදලක් කොල්ලකා පළාගොස් තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img