25 C
Colombo
Tuesday, March 21, 2023

ජනපති රනිල්ගේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් මෙවර අයවැය සකස් කර ඇති බවය.

සමාජ  වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත ලබාදීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහිද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමුකර තිබේ.

මේ අතර එළඹෙන වසරේ රුපියල් බිලියන 7,885ක් රජයේ  වියදම ලෙස ගණන් බලා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම පුනරාවර්ථන වියදම් සහනාධාර හා වැටුප් සඳහා රුපියල් බිලියන 2,442ක් ද, ඉදිරිකිරීම් සඳහා සිදුකරන වියදම් සහ ඉදිකිරීම් අවසන් කරන ලද ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති වියදම් රුපියල් බිලියන 1,221ක් ලෙසද, ණය වාරික සහ පොලී සඳහා රුපියල් බිලියන 4,218ක් ලෙසද ගණන් බලා ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img