25 C
Colombo
Saturday, February 4, 2023

නුවන් බෝපගේට ඇප

ජූලි මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළු වීමක් කළැයි කියන සිද්ධියේ  59 වන  සැකකරු ලෙස නම් කර සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ නීතිඥවරයාට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කළේය. 

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ නුවන් බෝපගේ මහතාට විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීමට ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධතාවය ප්‍රකාශ කළේය.

ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ පසු අධිකරණයට භාර වූ අයෙකු බවත්, පොලීසිය එම සැකකරුව අත්අඩංගුවට නොගත් බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු නීතිඥවරයෙක් වන බැවින් අධිකරණය මග හරින බවට කරුණු තිබෙනවාදැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img