
2022.11.20 වන දින සවස් කාලයේ පල්ලම පොලිස් වසමේ නාගවිල, ආඩිගම ප්‍රදේශයේ
නිවසකදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇති බවට පල්ලම
පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 36 ක් වූ නාගවිල, ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවකි.
මරණකරු තවත් පිරිසක් සමඟ සිය නිවයස් මත්පැන් පානය කරමින් සිටියදී එහි මත්පැන්
පානය කිරිම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු සමඟ ඇති කරගත් ආරවුලක් දුරදිග
යාමන් එම පුද්ගලයා විසින් යකඩ කම්බියකින් ගෙල ප්‍රදේශයට ඇන ඇත. සිද්ධිය වූ
වහාම පැමිණ සිටි පිරිස පලාගොස් ඇති බවට සිදුකල මූලික විමර්ශනයේදී අනාවරණය
වී ඇත. සිද්ධිය වු ස්ථානයේ තිබී පහරදීමට යොදා ගත් බවට සැක කෙරෙන කම්බියක්
පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෘත ශරීරය සිද්දධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, මහේස්ත්‍රාත්
පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය 2022.11.21 වන අද දින සිදුකිරීමට නියමිතය.
ඝාතනය සිදුකල සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.