2022.11.20 වන දින උදෑසන කාලයේ හපුතලේ පොලිස් වසමේ උඩවේරියවත්ත ඔහිය ප්‍රදේශයේ උඩවේරියවත්ත දෙස සිට ඔහිය දුම්රිය පොල දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් සියයක පමණ ප්‍රපාතයකට පෙරළීයමන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු ඇතුළු මඟීන් 05 දෙනෙකු බොරලන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා වැලිමඩ රෝහල වෙතට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.
තුවාලකරුවන් වයස අවුරුදු 20, 22 සහ මාස 05 පිරිමි දරුවා හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අවුරුදු 30 පසුවන වෑන් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් මහනුවර හා හපුතපල් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
All rights reserved. Copyright ©2017 live24.lk. Solution by www.cmore.lk