මත් පෙති භාවිතය සමාජයේ තරුණ ප්‍රජාව අතර සීඝ්රයෙන් පැතිරයාම ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.
තරුණ තරුණියන් මෙන්ම පාසල් දරුවන් ඉන් මුදාගැනීමට සිදුකරන වෑයම තුළ උද්ගතව ඇති ගැටලුවේ බරපතළ තත්ත්වය නම්, මේ ජාවාරම සඳහා ඇතැම් වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ද සම්බන්ධ වී සිටීමය.
මත් පෙති භාවිතය මේ දිනවල තරුණ පිරිස් අතර ප්‍රචලිත වී තිබෙන්නේ පාසල් දරුවන්ද ඊට ගොදුරු වෙමිනි.
ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය නිසා තරුණ ප්‍රජාවට අත්වන ඛේදනීය ඉරණම පිළිබඳ නිරන්තරයෙන් අප ඔබට වාර්තා කළේය.
මෙවන් පසුබිමක රත්නපුර ගොඩකවෙල නගරයේ තරුණ පිරිස ඉලක්ක කර සිදුකරන මත් පෙති අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අපට අනාවරණ වුණි.
ඒ අනුව අප ඒ පිළිබඳ කළ සොයාබැලීමකදී හෙළි වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නගරයේ වෛද්‍යවරයෙකු මෙම මත් පෙති ජාවාරම පිටුපස සිටින බවය.
මෙම වෛද්‍යවරයා හමුවීමට පැමිණි තරුණයින් දෙදෙනෙකු එහිදී මුණගැසුණු අතර ඔවුන් පැවසුවේ මෙවැන්නකි.
“මේ ප්රීකැප්ලීන් කියන ටැබ්ලට් එකට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. අපිට මේක දෙන්නේ ගොඩකවෙල ඩොක්ටර් කෙනෙක්. අපි ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. එයා අපිට චිට් එකක් දෙන්න රු 700ක් ගන්නවා. අඳුරන්නේ නැති කෙනෙක් ආවොත් රු 1,000ක් – 1,200ක් වගේ ගන්නවා. ඩොක්ටර් ලියලා දෙනවා. ගොඩකවෙල ටවුන් එකේ තියෙන ෆාමසියක්.”
පසුව අප එම වෛද්‍යවරයා හමුවීමට පිටත්වන්නේ මත් පෙති ලබාගැනීමට පැමිණෙන අයෙකු ලෙසයි.
උපායදූතයා – “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නවා මට ටැබ්ලට් එකක් ගන්න ලියලා දෙන්න සර්.”
වෛද්‍යවරයා – “ඒක එහෙම ලියලා හරියන්නේ නෑ… ඒක නවත්වන්න අවශ්‍ය නම් බෙහෙත් කෝස් එකක් තියෙනවා. ඒක ගන්න ඕනේ.”
උපායදූතයා – “අමාරුයි සර්. ඒ වෙලාවට ඉන්න බෑ… අත කපාගත්තා.”
වෛද්‍යවරයා – “කෝස් එක බොන්න ඕනේ. ගත්ත අය කියන්න ඇතිනේ විස්තරේ.”
උපායදූතයා – “ඌ ගත්ත එක දීපන් කිව්වා ඌ දෙන්නේ නෑ සර්.”
වෛද්‍යවරයා – “එහෙම දෙන එකක් නෑ… මම ලියන්නේ නෑ එහෙම මාස තුනකට වඩා.”
මේ අතර හිරන පොලීසියට ලද තොරතුරක් මත පානදුර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති 3500ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පාසල් සිසුන්ට හඳුනානොගත් මත්පෙති අලෙවි කළ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ කටයුතු කළේය.
copied by ada derana