2022.11.20 වන දින සවස් කාලයේ පුත්තලම පොලිස් වසමේ පුත්තලම නගරයේ නිවසක තිබූ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා රන්ඩ භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට පුත්තලම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කරන ලදී.
පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සොරකම් කරන ලද රන් වළලු 04ක්, රන් මාල 02ක්, රන් තැලි 02ක්, රන් පෙන්ඩන්ට් 02ක්, රන් මුදු 06ක්, රන් කරාබු ජෝඩු 05ක් සහ රිදී මුදු 04ක් සමඟ සැකකාරියක් සහ සැකකරුවකු 2022.11.21 වන දින අත්අඩංගුවට යෙන ඇත.
අත්අඩංගුවට ගත්ත සැකකරු සහ සැකකාරිය අවුරුදු 41 හා 31 වයස්වල පසුවන පුත්තලම ප්රදේශයේ පදිංචි අඹු සැමි යුවලකි.
සැකකරු සහ සැකකාරිය 2022.11.22 වන අද දින පුත්තලම ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
All rights reserved. Copyright ©2017 live24.lk. Solution by www.cmore.lk