2022.11.21 වන දින උදෑසන කාලයේ කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර් ගයේ බංඩාරවත්ත හන්දිය අසලදී ම නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනයවූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රාගම රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 33 ක් වූ කහටවත්තත, නිට්ටඹුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරිරය රාගම රෝහලේ මෘත ශරීරගරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්දයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කඩවත පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරනු ලබයි.
All rights reserved. Copyright ©2017 live24.lk. Solution by www.cmore.lk