භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට

96

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ අද සිදු වූ භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යා 162ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව තිබේ.

ඒ හේතුවෙන් මේ වන විට තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි.

එහි බලපෑම ඊට කිලෝ මීටර් 75ක් පමණ දුරකින් පිහිටි ජකර්තා අගනුවරටත් දැනී තිබුණි.

copied by ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here