2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (නොවැ. 22) වැඩි ඡන්ද 37කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්දව 121ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84ක් ලැබිණි.
එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇත.
නොවැ. 14 වන දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම අය වැය මගින් 2023 වසරේ රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7,885ක් වෙන් කිරීමට යෝජනා කර තිබිණි.
