24 C
Colombo
Thursday, December 1, 2022

මනුෂ්‍ය ඝාතනයක්

2022.11.22 වන දින දහවල් කාලයේ තෙරිපැහැ පොලිස් වසමේ හෙලගම ප්‍රදේශයේදී පුගලයෙකු විසින් කාන්වන් දෙදෙනෙකුට තියුණු ආයුධෙකින් පහරදීමක් හේතුවෙන් එක් කාන්තාවක් මියගොස් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද දුරකථන පණිවිඩයකට අදාලව තෙරිපැහැ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 50 ක් වූ මුගුණගහපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරියගේ දියණිය පවුල් ආරවුලක් හේතුවෙන් වසර කිහිපයක සිට තම පුරුෂයාගෙන් වෙන්ව මවගේ නිවසේ ජිවත්වෙමින් සිට ඇති අතර 2022.11.22 වන දින රජය මගින් නොමිලේ බෙදා දෙනු ලබන වියලි ආහාර ලබා ගැනීම සඳහා තෙරිපැහැ පොලිස් වසමෙ යහලගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කාර් යාලයක් වෙත ගොස් ඇත. එහිදී දියණියගේ ස්වාමිපුරුෂයාගේ නමින් තිබූ වියළි ආහාර ද්‍රව්‍ය දියණිය හා මව විසින් ලබා ගැනිමට උත්සහ කිරීමේදී ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් දියණියගේ පුරුෂයා විසින් ඉනේ සඟවාගෙන තිබූ උල් පිහියක් ගෙන මවට සහ බිරිදට ඇන එම ස්ථානයෙන් පලාගොස් ඇත. තුවාලකාරියන් දෙදෙනා තෙරිපැහැ රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහල වෙත රැගෙන යමින් සිටිය දී මව මියගොස් ඇත.
වයස අවුරුදු 27ක්වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර 2022.11.23 වන අද දින වලපනේ ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තෙරිපැහැ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img