25 C
Colombo
Tuesday, March 21, 2023

පණපිටින් වැළලුනු 5 හැවිරිදි දරුවා නිරුපද්‍රිතව බේරාගනී

දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගත් සතුටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි.

පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර මෙම දරුවා සිරවී සිට ඇත.

සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ එම දරුවා පමණක් බවය.

සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටී.

copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img