25 C
Colombo
Tuesday, March 21, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය මිලදී ගැනීම් හිතාමතාම මගහරිනවා

ඖෂධ ඇතුලු සෞඛ්‍ය සැපයුම් ගිඟය, ආර්ථික අර්බුධයේ ගැටළුවකට වඩා ජාවාරම් වුවමණාව නිසා සිදුවන්නක්. සෞඛ්‍ය සැපයුම් සදහා සිදු කල වියදම ගණනය කිරීමේදී, ආර්ථික අර්බුධයට පෙර පැවති මුදලටත් වඩා විශාල ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. AIIB බැංකුව, ADB බැංකුව, ලෝක බැංකුව, වගේ ආයතන ගණනාවකින් වෙනදාටත් වඩා ණය ආධාර ලැබිලා තියනවා. ඉන්දියානු ණය ක්‍රමය, චීන ණය ක්‍රමය, ඇතුළු විවිධ ණය ආධාර, දෙස් විදෙස් පරිත්‍යාග ලැබිලා තිබෙනවා. ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ ඩොලර් මිලියන 35ක් තවමත් වියදම් කර ගන්න බැරිව ඉතුරු වෙලා තිබෙනවා.

නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය සැපයුම්කරුවන්ට බිලියන 40ක විතර ගෙවීම් පැහැර හැරලා තිබෙනවා. ඒ නිසාම සාමාන්‍ය සැපයුම් අඩාල වෙලා තිබෙනවා. දේශීය නිශ්පාදන සදහා ගෙවියයුතු මුදල් නොගෙවීම නිසා, නිශ්පාදන අමු ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව, සමාගම් බංකොලොත් වෙමින් තිබෙනවා. ලැබෙන මුදලින් ඒවා ගෙවා දැමීමේ ක්‍රමයකට යා හැකි වුවත්, අළුත් සැපයුම්කරුවන් වෙත යෑමේ විශාල ගිජුකමක් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණ තුල ඉතා පැහැදිළිව ගැබ් වෙලා තිබෙනවා.

සාමාන්‍ය සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීම වලක්වමින් සහ දේශීය නිශ්පාදන ක්‍රියාවලිය අඩපන කරමින්, හදිසි මිලදී ගැනීම්, තරගකාරී නොවන මිලදී ගැනීම් සහ එකම අවශ්‍යතාවය සදහා ඇණවුම් කිහිපයක් ඉදිරිපත් කිරීම සෞඛ්‍ය සේවාවේ අලුත්ම මාෆියාවේ විලාසිතාව වෙලා තිබෙනවා.

සාමාන්‍ය මිල දී ගැනීම් සිදු නොකට, හදිසි මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් කෙතරම් මුදලක් හානි වෙනවාද කියන එක පිළිබදව මුල්‍ය විඝණනයක් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. වගවීම පැහැර හැරීමට එරෙහිව ජානාධිපතිවරුන්ට පවා දඩ ගහන යුගයක, සමාන්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තෙක් සිටිය යුතුයි.

නැවත නැවත ඇණවුම් ඉදිරිපත් කිරීමද හිතාමතා සිදු වන්නක්. පෙති සීයක් ඕනේ තැනට පෙති පන්සීයක් ඇණවුම් කරනවා. කොමිෂන් එක පස් ගුණයක් කරගන්න ඇතැම් අය සැලසුම් කරනවා. පළමු ඇණවුම ආවේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න කවුරුත්ම නෑ. සියළු ඇණවුම් සදහා සැපයුම් කලොත්, තව කෙටිකාලයකින් අපිට විශාල ඖෂධ අතිරික්තයකට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ලබා දුන් ඇණවුම් කැන්සල් කරන්න වෙනවා. එහෙම වුණොත් විශාල සමාගම් ප්‍රමාණයක් අමාරුවේ වැටෙනවා.

මේ මාෆියාවේ අලුත්ම කොටස විදිහට තමයි නිතරඟ මිලදී ගැනීම් (Unsolicited) වලට සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉන්දීයාවට යන්නේ වරයා අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන. නිතරඟ මිලදී ගැනීම් හරහා පාරවල් හදලා, ගොඩනැගිලි හදලා ගසා කාපු නිසා තමයි අපි රටක් විදිහට බංකොලොත් වුණේ. එහෙම රටක, සෞඛ්‍ය ඇමතිවරයා කියනවානම්, හොඳම ක්‍රමය ඒක කියලා, ඒක පිළිගන්න තරම්, ආණ්ඩුව මෝඩයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

වහාම මේ ක්‍රමය නවත්වන්න සාමාන්‍ය මිලදී ගැනීම් ක්‍රමයේ අඩුපාඩු නිවැරදි කරන්න. දේශීය නිශ්පාදන දිරි ගන්වන්න. වියදමෙන් 2/3 ඉතිරි කරන්න පුළුවන්. එහෙම බැරි නිළධාරීන් ඉවත් කරලා, පඩි දෙගුණයක් ගෙවලා හරි, කාර්‍යක්ෂම පාළණයක් හැදුවොත්, මේ ලැබෙන මුදලෙන් මහ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දීම අමාරු නැහැ.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
773077717

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img