25 C
Colombo
Tuesday, March 21, 2023

“මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරනවා.”

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මගින් සිදුකල මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති වලට සම්බන්ධව ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම් වල නියෝජිතයින් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. බත්තරමුල්ල- සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රොපකරණ ආයතනය මගින් මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකර ගෙවීම් ප්‍රමාද වී ඇති සියලුම ඉදිකිරීම් සමාගම් වලට සහ මෙතෙක් ගෙවීම් ප්‍රමාද වූ සියලු ඉදිකිරීම් කරුවන්ට හිමි විය යුතු සියළුම මුදල් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.
රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී තිබෙනවා. එය වට්ටම් කිරීමෙන් අනතුරුව මෙම සියලුම මුදල් ගෙවීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ඇති. එතෙක් අද (02/03) දිනම ගෙවීමට ඇති මුදලින් 40 %ක කොටසක් එම සියළුම සමාගම් වෙත ගිණුම් ගත කිරීමට ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
එසේම මාර්තු 30 වනදාට ප්‍රථම තවත් 30% ක මුදලක්ද, ඉතිරි 30%ක කොටස සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කිරීමටද සියලු කටයුතු සුදානම් කර අවසන් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. පී. කේ. මායාදුන්නේ මැතිතුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රොපකරණ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිලධාරීන් සහ අදාළ ඉදිකිරීම් සමාගම් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img