හලාවත ඛේදවාචකය

41

දැඳුරු ඔයේ හලාවත මෝය කටේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට ගොස් හලාවත මෝයේ දිය නෑමට ගිය නව දෙනකුගෙන් තිදෙනකු මෙලෙස දියේ ගිලි මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගිය අය අතර එකම පවුලේ පියා දියණිය සහ ඥාති පුතෙකු වන බව සඳහන්ය.

ඔවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සත් හැවිරිදි සහ සය හැවිරිදි වයස්වල පසුවන්නන් බව පොලීසිය පැවසීය.

දියේ ගිලුණු තවත් තිදෙනෙක් ඉන් මුදවාගෙන හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

copied by ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here