ඉන්දියාවෙන් ලංකාවට එන බස්

46

මෙරට 75 වන නිදහස් සැමරුමට සමගාමිව ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ සංකේතාත්මකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම සිදුකෙරුණි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මෙරට 75 වන නිදහස් සැමරුමට සමගාමිව එය සිදුකෙරිණි.

ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසිනි.

අදාළ බස් රථ ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට මෙරටට බස් රථ 165ක් ලබා දී ඇති අතර මෙම වර්ෂය අවසානය වන විට බස් රථ 500ක් ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.

copied by ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here