භාණ්ඩාගාරයෙන් සල්ලි නුදුන්නොත් උසාවි යනවා – මැතිවරණ කොමිසම දැඩි තීරණයක

45

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කර ඇති ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත්, ශේ‍ර්ෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණයකදී දායකත්වය ලබාදෙන ආයතන, අත්තිකාරම් මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලූ බවයි සභාපතිවරයා සඳහන් කළේ.

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට හා එම ඡන්දය පැවැත්වීම අත්හිටුවිය යුතු යැයි ඉල්ලා පෙත්සම් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බවත් ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව භාරගත යුතු බවයි සභාපතිවරයා සඳහන් කළා.

copied by citizen news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here