ජීවිතයක් බිලිගත් තවත් අනතුරක්

43

තිස්සමහාරාම වැල්ලවාය මාර්ගයේ තණමල්විල නගරයේ දී සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු මියගොස් තිබේ.

ඊයේ (06) රාත්‍රියේ තිස්සමහාරාම දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි දෙවුරම්වෙහෙර තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

copied by ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here