රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එම විභාගය දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව වාර්තා වනවා.
සියළුම පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලබන අතර පසුව ඇති වන පුරප්පාඩු සඳහා පළාත් පදනමින් උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
