සෞඛ්‍ය වර්ජනයට සහාය නොදී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇඟයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා රාජකාරීයේ යෙදී සිටි අය පිළිබඳව සොයා බලා වෘත්තීමය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ
