උසස් පෙළ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම තවත් කල්යයි

130

රජයේ ක්‍රියාකලාපයට එරෙහිව තම සාමාජිකයින් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

රාජ්‍ය විශ්ව විද්‍යාල පුරා පසුගිය බ්‍රහස්පතින්දා (16) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර, G. C. E. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී වීමෙන් වළකින බවද ඔවුන් සඳහන් කළා.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට දින 22කින් ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එම ක්‍රියාවලියට සහභාගී වීමෙන් වළකින ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හේතුවෙන් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ල වූ බවයි.

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සඳහා ලබා දෙන දීමනා වැඩි කළද ගුරුවරුන් එම ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති බවත්, එබැවින් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම අභියෝගයක් වී ඇති බවත් ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here