පාඩු ලබන රාජ්‍ය ආයතනවලට රතු එළියක්

156

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිවන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වසාදැමීම හෝ ප්‍රතිව්‍යුහගතකිරීමේ එකඟතාව මත බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ ඇතිවෙන එකඟතාවය අනුව සියලුම රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබනවානම් පාඩු ලබන ව්‍යාපාර වැහෙනවා. අපි කොපමණ කැමති වුණත් කොතරම්  අකමැති වුණත් ලාභ පාඩු නොමැති ලක්ෂයේවත් ගෙනියන්න බැරි නම් ඒ ව්‍යාපාර වසා දමන බවට එකඟතාවක් ඇතිව 20 වනදා මේ සහතිකය ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. වියදම පියවාගන්න බැරි වුණොත් වෙනදා ආණ්ඩුව සල්ලි දෙනවා. ගන්න ණය ගන්න බැරිනම් ආණ්ඩුව සල්ලි අච්චු ගහලාදෙනවා. මෙතනින් පස්සේ ඒ දෙකම කරන්න බැහැ. මේ යතාර්ථයට මුහුණදෙමින් CTB ගොඩගන්න වැඩපිළිවෙළක් නොකොළත් මේක වැහෙන ටික පුද්ගලික අංශයට දීලා පුද්ගලික අංශය විසින් කරන එක තමයි සිදුවෙන්නේ.”   

IMF ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී හෙට (20) සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව ලබාගැනීමට අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවේදී අවසන් තීරණය ගැනීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකා වේලාවෙන් එළඹෙන අඟහරුවාදා උදෑසන පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here