IMF ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ මුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

131

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධායක මණ්ඩලය විසින් SDR බිලියන 2.286 (US$ බිලියන 3ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් අනුමත කරන ලද බවයි සඳහන් වන්නේ.

https://www.imf.org/en/News/Articles/2023/03/20/pr2379-imf-executive-board-approves-under-the-new-eff-arrangement-for-sri-lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here