31 C
Colombo
Monday, May 29, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවෙන් (IMF) හිමි වන ණය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතවේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් අද උදෑසන 8.00ට පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි.

දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පවසයි.

මෙරට සියලුම ණය හිමියන් සමග අඛණ්ඩව සම්බන්ධ වී සිටින බවත් ඉදිරි කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විධායක කමිටුව ඊයේ (20) අනුමත කළේ ය.

විස්තීර්ණ ණය පහසුකමක් වන මෙය කොටස් වශයෙන් මෙරටට හිමිවනු ඇති.

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333 ක් හිමිවන බව සඳහන් වේ.

මේ යටතේ කොටස් වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මුදලක් සෘජුව හිමිවන අතර මෙම ණය අනුමත හිමිවීම සමග ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් රැස්කර ගැනීමට හැකියාව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, රජය සර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවිනි.

පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු මෙරට නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික කිරීම සිදු කෙරුණි.

ඒ, මෙරටට අවශ්‍ය ණය පහසුකම ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය වෙනුවෙන් ය.

අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශ මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img