31 C
Colombo
Monday, May 29, 2023

ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් විකිනීමට අනුමැතිය

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව එම සමාගම් විසින් නිවේදනය කරනවා. 

මෙම සමාගම් දෙකෙහි බහුතර කොටස් හිමිකාරීත්වය රජය සතුව පවතිනවා. 

මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේ දී සිදුවනු ඇති බවයි. 

මේ අතර ලංකා හොස්පිටල් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතිනවා. 

මේ අතර ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතිනවා.

ඒ Sri Lanka Insurance Corporation Ltd – Life Fund – 26.27% ක් සහ Sri Lanka Insurance Corporation Ltd – General Fund – 25.07% ක් වශයෙන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img