31 C
Colombo
Monday, May 29, 2023

හර්ෂගෙන් ජනපති රනිල්ට පැසසුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සදහා ලබා දීමට එකගව තිබුණු ණය මුදල අනුමත කළ බව නිවේදනය වීමත් සමඟ, ආචාර්ය හර්ෂද සිල්වා, ජනාධිපතිවරයාගේ කැපවීම පසසමින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ණය අනුමත වීම ඉමහත් අස්වැසිල්ලක් රටට ගෙන එනු ඇතැයි එම ට්වීටර් පණිවිඩයේ ඔහු සදහන් කරයි. දේශපාලන එදිරිවාදිකම් පසෙක ලා, ජනාධිපතිවරයාගේ කැපවීම අගය කරන බව පවසන මන්ත්‍රීවරයා මහබැංකු අධිපතිවරයාගේ වෘත්තීය භාවයද පැසසුමට ලක් කරයි.

පැවති රජය, 202-0 වසරේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටියානම්, රටවැසියන් මෙතරම් දුකක් අත් නොවිදුනු ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේ සිදු කළ යුතුව ඇති බවත් එය පහසු නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි. එමෙන්ම තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනීමට නම් රට වටා ඉදිකර තිබෙන තාප්ප බිද දමා ලෝකයට පාලම් තැනිය යුතුව ඇති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img