ඉන්දියාවට දරුණු පරාජයක්

144

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ දෙරට අතර පැවැති තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් ජයගැනීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 269ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248ක් පමණි.

මෙම තරඟාවලියේ තරග තුන තුළදීම ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරු සූර්යකුමාර් යාදව් ලකුණු නොලබා දැවීයාම කැපී පෙණුණි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පළමු තරගය පමණක් ජයගැනීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාව අවසන් තරග දෙක ජයගනිමින් එක්දින තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here