හිරුණිකා කැදැල්ලට එයි

92

රී ලංකාවේ ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන කැදැල්ල Construcation Expo මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියඑම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේය.
ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී තිබුණි.

මෙවර මෙම ප්‍රදර්ශනය 16 වැනි වතාවට සංවිධානය කර තිබුණි. වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම ප්‍රදර්ශනය Asia Exhibitions & Conventions (Pvt) Ltd එහි ප්‍රධාන විධායක නිලධාරීන් ටිරෝන් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවර නව නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here