ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බේකරිහිමියන් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පැවසීය.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බිත්තරයක් රුපියල් 35ක මුදලකට අද පස්වරුවේ සිට බේකරිහිමියන් වෙත ලබාදීමට නියමිත බවය.
බිත්තර මිල ඉහළ යාමත් සමඟ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ රට තුළ බිත්තර හිඟයක් නිර්මාණය වුණි.
ඇතැම් වෙළෙඳුන් පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම නිසා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම්ද දියත් කළේය.
ඒ අනුව වැඩිමිලට බිත්තර අලෙවි කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් 5ක් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබීය.
මෙම තත්ත්වය පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත් අතර එලෙස ආනයනික බිත්තර වරායට පැමිණ දින 6ක කාලයකට පසු ඒවා නිකුත් කිරීම සඳහා වන අනුමැතීන් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ ලබා දෙනු ලැබීය.
ඒ අනුව බිත්තර නිකුත් කිරීමට පියවර ගත් බව රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව සඳහන් කළේය.
එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආනයනික බිත්තර දින 90ක කාලයක් ශීතකර ගබඩා කර තබා භාවිත කළහැකි බවය.
බිත්තර නිෂ්පාදන සංගම් බිත්තර ආනයනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා,
“ඉන්දියාවේ බිත්තරයක් ලංකාවට එනකොට රුපියල් 16ක් විතර වෙන්නේ. දැන් මිලක් නියම කළේ පාරිභෝගිකයා ගැන හිතල ද?.”
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් රත්නායක මහතා,
“බිත්තර නැත්නම් අපේ සංගමයට කතා කරන්න. අපි බිත්තර ගෙනල්ලා දෙන්නම්. හෙට ගැසට් එක අයින් කරන්න. දවස් 3කින් ලංකාවටම බිත්තර දෙන්නම්.”
කෙසේ වෙතත් ඉදිරියේදී මෙරට බිත්තර අවශ්‍යතාව රට තුළින්ම සපුරාගැනීමට හැකි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
