බිට්කොයින් වංචාවක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

1474

බිට්කොයින් හරහා රුපියල් මිලියන 1375ක් වංචා කළ පුද්ගලයෙක් එළඹෙන අප්‍රේල් 06 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

Daily News පුවත්පතට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ BINANCE සමාජ මාධ්‍ය හරහා මූල්‍ය වංචාව සිදු කිරීමට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළා.

කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ඇයට අයත් බිට්කොයින් වැඩිකරන පොරොන්දුව පිට ඇයව නොමග යවා තිබුණා.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here