ඡන්දයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන රජයෙන් තීරණයක්

78

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා මූලික වැටුප පමණක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here